Gossips

මාරාන්තික රොබෝවරුන් ගැන අනතුරු ඇගවීමක්

මිනිස් සංහතියට උවදුරක්වීමට පෙර මාරාන්තික රොබෝවරුන් නිෂ්පාදනය තහනම් කළ යුතු බව ජිනිවා නුවර දී ඊයේ ආරම්භ වූ ජාත්‍යන්තර සමුළුවකදී අවධාරණය කෙරුණා.
ඒ, මෙවැනි සංග්‍රෝමපාය අවි සම්බන්ධයෙන් වන ජගත් සංවිධාන සමුළුවේදියි.
එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ කෘත්‍රිම බුද්ධිය සහ මානව හිමිකම් පිළිබඳ උපදේශිකා රාෂා අබ්දුල් රහීම් කියා සිටියේ මාරාන්තික රොබෝවරුන් තවදුරටත් විද්‍යාත්මක කල්පිතයක් නොවන බවයි.
කෘත්‍රිම බුද්ධිය සහිත ඩ්‍රෝන් යානා, ස්වයංක්‍රීය ගිනි අවි ඇතුළු තෝරා ගත් ඕනෑම ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කළ හැකි යුද උපකරණ නව තාක්ෂණය යටතේ නිපදවා ඇති අතර, ඊට බලපාන ජාත්‍යන්තර නීතියක් නොමැති බවයි ඇය සඳහන් කළේ.
මාරාන්තික රොබෝවරුන් පිළිබද ජගත් සංවිධාන සාකච්ඡා පසුගිය වසරේ දී ආරම්භ වූයේ ඉන්දියාවේ නිරායුධකරණ තානාපති අමන්දීප් ගිල් ගේ මූලිකත්වයෙන්.