මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.7 දක්වා පහත වැටී තිබෙනවා.
එය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 613 ක පහත වැටීමක්.
මෙරට විදේශ සංචිතය, විදේශ මුදල් සහ රන් සංචිතවලින් සමන්විතයි.
පසුගිය මාර්තු මාසයේදී මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 98.5 ක්, වානිජ බැංකුවලින් ලබාගෙන තිබෙනවා.
විදේශ ණය වාරික ගෙවීම හේතුවෙන් මෙරට විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටිය හැකි බව සඳහන්.
