Gossips

මාර්තු මාසයේ උද්ධමනය ඉහළට

මෙරට පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් මාර්තු මාසයේදී සියයට 4.2කින් වර්ධනය වී තිබෙනවා.
වාර්ෂිකව මෙලෙස උද්ධමනය ඉහළ ගිය ද පෙබරවාරි මාසය හා සසදන විට එහි අඩුවීමක් වාර්තා වන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙබරවාරි මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 4.5ක් ලෙස සටහන් වී තිබෙනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද මාර්තු මාසයේදී සියයට දශම 4කින් පහත වැටීමක් දැකිය හැකියි.
මාර්තු මාසයේ වාර්ෂික උද්ධමන වේගය සියයට 6.1ක් ලෙස සටහන් වී ඇති අතර, පෙබරවාරියේදී එය සියයට 6.4ක් ලෙස සටහන් වුණා.