Gossips

මාර්තුවේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාර්තු මාසයේදී සියයට 4.7කින් වර්ධනය වී තිබෙනවා.
මාර්තු මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,328 දෙනෙකු දිවයිනට පැමිණි අතර, එහිදී රුසියානු ෆෙඩරේෂනය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය යන රටවලින් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වර්ධනය වීම විශේෂත්වයක්.
කෙසේ නමුත්, බටහිර යුරෝපයෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ දත්තවලින් පැහැදිලි වන්නේ.

රුසියානු ෆෙඩරේෂනයෙන් පැමිණි සංචාරක සංඛ්‍යාව මාර්තු මාසයේදී සියයට 39කින් ද, ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව සියයට 29කින් ද ඉහළ ගොස් තිබෙනවා.
වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් එනම්, 34,812 දෙනෙකු පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. චීනයෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ද 23,759ක් ලෙස සියයට 12.6කින් ඉහළ ගොස් තිබෙනවා.
වසරේ මුල් මාස 3 සැලකූ විට දිවයිනට සංචාරකයන් හත්ලක්ෂ 40,600ක් පැමිණ ඇති අතර, එය සියයට 4.6ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.
2018 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් විසි තුන් ලක්ෂ 33,796 දෙනෙකු පැමිණියේ පෙර වසර සාපේක්ෂව සියයට 10.3ක වර්ධනයක් සලකුණු කරමින්.