පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී නිෂ්පාදන ක්රියාකාරකම් ඉහළ වේගයකින් වර්ධනය වී තිබෙනවා.
ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 46 කින් වාර්තාකළ ඉහළම අගයට ළඟාවීම විශේෂත්වයක්.
එය 66.9 ක් ලෙස සටහන් වූ අතර, පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 16.3 ක ඉහළ යාමක් බවයි මහ බැංකුව ප්රකාශ කළේ.
ආහාරපාන නිෂ්පාදන අංශය මෙන්ම නව ඇණවුම්වල දක්නට ලැබුණු වර්ධනය මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.
