Gossips

මාර්තුවේ උද්ධමනය ඉහළට

මාර්තු මාසයේ පාරිභෝගික මිල උද්ධමනය සියයට 4.3 දක්වා මාස 6කින් ඉහළම අගයට පැමිණ තිබෙනවා.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය ද වසරකට පෙර පැවති අගයට වඩා සියයට 4කින් ඉහළ ගොස් ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ආහාර කාණ්ඩයේ මිල ගණන් සියයට 1.4කින් පහත වැටුණ ද ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 6.7ක් වීම මාර්තු මාසයේ උද්ධමනය ඉහළ යාමට හේතුවයි.