Gossips

මාර්ටින් ගප්ටිල්ට සති 06ක් ක්‍රිකට් පිටියෙන් ඈත් වන්නට සිදුවෙයි

පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල්ට පකිස්ථානය සමඟ එළඹෙන තරඟාවලි අවාසනාවන්ත ලෙස අහිමිවී තිබෙනවා.
පළමු පෙළ තරඟයක් අතර අතර තුරයි ගප්ටිල් මෙලෙස අබාධයකට ලක්ව ඇත්තේ.
මේ හේතුවෙන් සති හතරත් හයත් අතර කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදුවන බවයි නවසීලන්ත ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුවේ ගැවින් ලාසන් පවසන්නේ මේ හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත එක්දින සහ පන්දුවාර 20 තරඟාවලිය ගප්ටිල් හට අහිමිවී යන බවයි.
දෙරට අතර තරඟාවලිය ලබන 31 වනදා ආරම්භ වන අතර එයට එක්දින තරඟ 03ක් පන්දුවාර 20 තරඟ 03ක් සහ ටෙස්ට් තරඟ 03ක් ඇතුළත්.
එක්දින සහ පන්දුවාර 20 සංචිතයට නම් කර ඇති ගප්ටිල් ටෙස්ට් සංචිතයට නම් කර තිබුනේ නැහැ.