Gossips

මාර්ගයක් පිළිසකර කර දෙන ලෙස ඉල්ලා බගවන්තලාවේ උද්ඝෝෂණයක් (ඡායාරූප)

බගවන්තලාව – ලොයිනොන් – රාණිකාඩු වතුයායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් පිරිසක් අද (30) උද්ඝෝෂණයක නිරත වුණා.
ටයර් පුළුස්සමින් ඔවුන් පැය 2කට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මාර්ගයේ පවතින දැඩි අබලන් තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගත් හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථය ද මේ වන විට ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ