Gossips

මාර්ගයක් පිළිසකර කරන්නැයි ඉල්ලා විරෝධතාවක්

මාදූරු ඔය – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අතරමඟ නතර කර ඇති සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස බලධාරීන්ට බලකරමින් අරලගංවිල ප්‍රදේශයේ ජනතාව අද (10) උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වී තිබෙනවා.
උද්ඝෝෂකයින් මාදූරු ඔය – පොළොන්නරුව මාර්ගය අරලගංවිල 10 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් මෙම විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් මාර්ගය පැයක පමණ කාලයක් වසා දමා තිබු බවයි පොලිසිය කියා සිටියේ.