Gossips

මාර්කෝස් ආර්යාවට පිලිපීනයෙන් සිර දඬුවම්

පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඞ් මාර්කෝස්ගේ 89 හැවිරිදි බිරිඳ වන ඉමෙල්ඩා මාර්කෝස් පිලිපීන අධිකරණයක් මගින් දූෂණ චෝදනාවලට සිර දඬුවම් නියම කර තිබෙනවා.
1970 සහ 80 දශකවල දී සිය සැමියාගේ රජයේ කටයුතු කරමින් සිටියදී ස්විට්සර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනුවල නිරතවීම ඇයට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවයි.
තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවට ඉමෙල්ඩා මාර්කෝස් පැමිණ නොසිටි අතර, සිර දඬුවම් නියම කිරීම නිසා ඇය අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
සිය සැමියා ජනාධිපති ධුරය හොඹවන සමයේ අධි සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කළ ඉමෙල්ඩා මාර්කෝස් සපත්තු ජෝඩු දහසක් සතුව තිබීම නිසා ද ප්‍රසිද්ධියට පත්වූ තැනැත්තියක්.