Gossips

මාරවිල ප්‍රදේශයෙන් අමුතු දළඹු විශේෂයක්

හලාවත – මාරවිල ප්‍රදේශයේ සත්ව ගොවිපළක ආනයනික බඩ ඉරිඟුවල තිබී හමුවු සේනා දළඹුවාට සමානකම් ඇති දළඹු විශේෂයේ සාම්පල පරීක්ෂාව සඳහා රැගෙන ආ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එම ගොවිපළෙහි හිමිකරු ඊයේ පෙරවරුවේ තමන්ට මෙම විශේෂ දළඹුවා පිළිබඳව දැනුම් දුන් බවයි.
පසුව ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සඳහා දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් එම ගොවිපොල වෙත පිටත් කර යැවූ බව ඔහු සඳහන් කළා.
මෙම දළඹු විශේෂය හමුවු බඩ ඉරිඟු තොගය සත්ව ආහාර සඳහා මීට මාසකට පෙර ගෙන්වා ඇති බව සඳහන්.
මේ අතර, උතුරු මැද පළාතේ බඩ ඉරිඟු අස්වනු නෙළිම ආරම්භ වී ඇති අතර, සේනා දළඹුවා නිසා බඩ ඉරිඟු අස්වනු වලට වැඩි බලපෑමක් එල්ල නොමැති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග වැඩිදුරටත් සඳහන් කළා.