Gossips

මාරක රිය අනතුරුවලට, බංග්ලාදේශයෙන් මරණ දඬුවම

මාරක රිය අනතුරුවලට වරදකරුවන් වන රියදුරන්ට මරණ දඬුවම පැනවීම පිළිබඳව බංග්ලාදේශ කැබිනට් මණ්ඩලය අද සලකා බලනවා.
ඒ, ඩකා අගනුවර දී බස් රථයකට යට කළ සිසුන් පිරිසකගෙන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධියෙන් අනතුරුවයි.
ඉන් පසු බංග්ලාදේශ මාර්ග නීති කඩ කිරීම සඳහා පනවන දඬුවම් ඉහළ නංවන ලෙස ඉල්ලා සිසු සිසුවියන් දින 9ක් තිස්සේ විරෝධතා ක්‍රියාත්මක කිරීම නිසා එක් කෝටි අසූලක්ෂයක් වෙසෙන ඩකා අගනුවර අඩපණ වුණා.