Gossips

මාපලගම – වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල සිරුරක් සොයා ගැනේ

ගාල්ල – ඇල්පිටිය – කහදුව හරහා මාපලගම මාර්ගයේ වැව රවුම ප්‍රදේශයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ වන ලැහැබක පිහිටි වළකින් සොයා ගත් සිරුර පිරිමි පුද්ගලයෙකුගේ වන අතර, ඔහුගේ වයස අවුරුදු 40 ක් පමණ වන බවයි පොලීසිය සදහන් කළේ.
සිරුරේ බාහිර තුවාල කිහිපයක් දක්නට ලැබෙන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.