ක්‍රවුන් රිසෝර්ට් කැසිනෝ අධිරාජ්‍යයේ හිමිකරු වූ ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් සිය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
පසුගිය කාලය තුළ ඔහු මානසික ආතතිය හේතුවෙන් ගැටළු රැසකට මුහුණදුන් අතර, කැසිනෝ අධිරාජ්‍යයට සමුදුන්නේ මීට මාස කිහිපයකට පෙරයි.
එහෙත් ඔහු පවුලේ ව්‍යාපාරය වන කොන්සොලිඩේටඩ් ප්‍රෙස් හෝල්ඩින්ග්ස් සමාගමේ ව්‍යාපාර කටයුතුවල තවදුරටත් නිරතව සිටියා.
සිය මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළුවලින් සුවපත් වද්දී එම ව්‍යාපාරයෙන්ද ඉවත්වීමටයි ඔහු තීරණය කර ඇත්තේ.
කෙරී පැකර් නැමති සුප්‍රකට ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වන 50 හැවිරිදි ජේම්ස් පැකර් ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයෙකු ලෙසයි සැළකෙන්නේ.