Gossips

මානව හිමිකම් කොමිසමේ යෝජනා ඉටුකර ගැනීමට අඛණ්ඩව සහය දෙන බව අමරිකාව ශ්‍රී ලංකා රජයට දන්වයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුව ද ශ්‍රී ලංකාවට අදාළ යෝජනා ඉටුකර ගැනීමට පූර්ණ සහය ලබාදෙන බවට මෙරට අමරිකා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයට දැනුම්දී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලනමය වශයෙන් පක්ෂපාතී බව පවසමිනුයි ඇමරිකාව එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත්තේ.
ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන තානාපතිනි නිකී හේලි නිවේදනය කළේ මානව හිමිකම් අවමානයට ලක්කරන සංවිධානයක් වෙනුවෙන් කැපවීමට ඇමරිකාවට කිසිදු අදහසක් නොමැති බවයි.
ඇමරිකාවේ මෙම තීරණයට හේතු වූයේ ගාසා තීරයේ ගැටුම් අතරතුර පලස්තීනුවන්ට ඊශ්‍රායල් හමුදා දිගින් දිගටම සිදුකරන ප්‍රහාරවලට විරෝධය දක්වමින් ඒ සම්බන්ධයෙන්පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කවුන්සිලය තීරණය කිරීමෙන් අනතුරුවයි.