Gossips

මානව හිමිකම් කොමිසමේ උසස්වීමට ප්‍රශංසා

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව මේ වසරේ ලෝක මානව හිමිකම් ආයතන ශ්‍රේණිගත කිරීම් අතර, ‘‘ඒ’’ ශ්‍රේණියට උසස් කිරීම පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සුභාශිංසන පළ කරනවා.
එහි සභාපති කථානායක කරූ ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව ශිෂ්ඨසම්පන්න දේශයක් ලෙස ලෝකය ඉදිරියේ ඔසවා තැබු අවස්ථාවක් බවයි.
එමෙන්ම එය ශ්‍රී ලාංකිකයන් යුක්ති ගරුක සමාජයක පුරවැසියන් පිරිසක් බව තහවුරු කිරීමක් බවද එම නිවේදනයේ සඳහන්.