Gossips

මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වී ඇති බව ජනපති කියයි

විනයගරුක දරු පරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්යභාරය අසීමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
දරුවාගේ විනය පාලනය පාසල තුලින් සිදුවීම සම්ප්‍රදායිකව සිදුවූ නමුත්, අද වනවිට මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයට අභියෝගයක් වී ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මාතර – කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.