Gossips

මානව සංවර්ධනය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මුල් තැනට

ජගත් මානව සංවර්ධන දර්ශකයේ, දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් එහි නවතම දත්ත දැන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව රටවල් 189ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 76 වන ස්ථානයයි.
ශ්‍රී ලංකාව හැරුණු කොට දකුණු ආසියාතික රටක් එහි හිමි කරගෙන ඇති ඉහළ ස්ථානය වන්නේ මාලදිවයිනට හිමිව ඇති 101 ක් වන ස්ථානයයි.
ඉන්දියාව එහි 130 වන ස්ථානයටත්, භූතානය 134 වන ස්ථානයටත්, බංග්ලාදේශය 136 වන ස්ථානයටත්, නම් කර ඇති අතර, නේපාලයට 149 වන ස්ථානයත්, පාකිස්තානයට 150 වන ස්ථානයත් හිමිව තිබෙනවා.
මානව සංවර්ධන දර්ශකයේ ප්‍රමුඛස්ථානය නෝර්වේ රාජ්‍යයට හිමිව ඇති අතර, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය සහ ජර්මනිය එහි අනෙක් මුල් පෙළ රටවල්.
දකුණු ආසියාතික කලාපය මානව සංවර්ධන කලාප අතරින් වැඩිම වර්ධනයක් එනම්, 1990 සිට සියයට 45.3ක වර්ධනයක් සලකුණු කරනවා.
1990 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය සියයට 23.2ක් මෙම දර්ශකය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම ආදායම සම්බන්ධයෙන් ජාතික මට්ටමින් ළඟා කර ගත් ඉලක්කයන් ඇගයීමට ලක් කෙරෙනවා.
එමගින් සදහන් කර ඇති පරිදි 1990 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ උපත්වලදී ජීවිත අපේක්ෂාව වසර 6කින් ඉහළ යාම විශේෂත්වයක්.
එමෙන්ම පාසල් කාලය සාමාන්‍යයක් ලෙස වසර 2.5කින් ඉහළ ගොස් ඇති අතර, ඒකපුද්ගල ආදායම 1990 සිට 2017 දක්වා සියයට 215.8කින් ඉහළ ගොස් තිබෙනවා.