Gossips

මාධ්‍ය හමු නොවූ පොලිස්පති, කොමිසමට

සංඛ්‍යාලේඛන අනුව රටේ සිදුවන අපරාධ අඩුවී ඇතත් සාහසිකත්වය මුල් කර ගනිමින් සිදුකරන මිනීමැරුම් වල වැඩි වීමක් දක්නට ලැබෙන බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.
එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර, මාධ්‍යවේදින් තෙබුවන පොලිස් සැරයන්වරයාගේ සිද්ධිය සහ මාධ්‍ය ආරාධනයේ සඳහන් වුවත් පොලිස්පතිවරයා මාධ්‍ය හමුවට නොපැමිණීම පිළිබදව එහිදී ප්‍රශ්න කර සිටියා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පොලිස්පතිවරයා, පොලිස් කොමිසමට සහභාගි වී ඇති බැවින් අද දින මාධ්‍ය හමුවට එක් නොවූ බවයි.
මේ අතර, මාධ්‍ය හමුවට එක්වූ උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු කියා සිටියේ ආවා කල්ලිය ක්‍රියාත්මක වන්නේ එම පළාතේ පොලිස් කොට්ඨාශ 4 ක පමණක් බවයි.