මොළයේ නහරයක් පුපුරා සිදුවූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් ප්‍රවීන මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.
දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකෙරුණේ කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේදීයි.
මාළඹේ – මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක මියගොස් සිටියදී මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්නගේ දේහය ඊයේ දහවල් සොයා ගැණුනා.
අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 56 ක්.