මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
එහිදී අධිකරණය නියෝග කළේ රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මත ඔවුන් මුදා හරින ලෙසයි.
පසුගිය පෙබරවාරි මස 1 වන දා ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගත් අතර, පෙබරවාරි මස 14 වන දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.
