Gossips

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල ජූලි මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහායිල් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි පරිදි හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
මීට අමතරව එවකට හිටපු පොලිස්පතිවරයෙකු වන ජයන්ත වික්‍රමරත්නගෙන්ද මේ මස 22 වනදා මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගන්නා බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ.