Gossips

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ අතුරුදන්වීම ගැන රටවල් 3 ක ඉල්ලීමක්

ඇමරිකාවේ වාසය කළ සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විශ්වාසනීය පරික්ෂණයක් සිදුකරන ලෙස බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ ප්‍රංශයද සෞදි අරාබියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන කෂෝගි පසුගිය 2 වනදා සිය සෞදි බිරිඳගෙන් වෙන්වීමේ දික්කසාද ලියවිලි ලබාගැනීම සඳහා තුර්කියේ ඉස්ථාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය වෙත ගොස් තිබූ අතර, ඔහුගේ අනාගත බිරිඳ පැමිණිලි කර තිබුණේ ඔහු නැවත නොපැමිණි බවටයි.
ජමාල් කෂෝගි සෞදියේ බින් සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයෙකුද වනවා.
කෙසේ වෙතත් අතුරුදන්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ කෂෝගිගේ මරණය පිටුපස සෞදි අරාබිය සිටින බවට තහවුරු වුවහොත් එරටට බරපතල දඬුවම් විඳීමට සිදුවනු ඇති බවයි.