ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන සෞදි අරාබි ජාතික ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදී අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.
තුර්කි බලධාරීන් ප්‍රකාශ කළේ ඔහු එහිදී ඝාතනයට ලක්වන්නට ඇති බවයි.
සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ දැඩි ලෙස විවේචනය කරන කශෝගිට ට්විටර් අනුගාමිකයන් දහසය ලක්ෂයක් සිටින බව සඳහන්.
ඔහු තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ සිය සෞදි බිරිඳගෙන් දික්කසාදවීමේ ලියකියවිලි ලබා ගැනීමටයි.
ඔහු විවාහවීමට සිටින තුර්කි පෙම්වතිය කොන්සල් කාර්යාලය ඉදිරිපිට පැය 11ක් සිටියද කශෝගි නැවත පැමිණ නැහැ.
කෙසේ වෙතත්, ඔහු ඝාතනයට ලක්වීමේ චෝදනා ප්‍රතික්ෂේප කරන සෞදියේ සල්මාන් කුමරු කියා සිටියේ කොන්සල් කාර්යාලය අවශ්‍ය නම් තුර්කි බලධාරීන්ට පරීක්ෂා කළ හැකි බවයි.
