Gossips

මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට පත්වීම ගැන ඊශ්‍රායලයෙන් පරීක්ෂණ

ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේදී එල්ලවූ ප්‍රහාරයකින් 36 හැවිරිදි පලස්තීන ඡායාරූප මාධ්‍යවේදියෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.
පලස්තීනුවන් ගාසා දේශසීමාවේ සිදුකරන විරෝධතා උද්ඝෝෂණ දැන් දෙවන සතියට එළඹී ඇති අතර, එය වාර්තා කළ මාධ්‍යවේදියෙකුයි මෙලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශවල වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊශ්‍රායල ජාතිකයන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර, තවත් පලස්තීනුවන් 491 දෙනෙකු තුවාල ලැබුවා.
පලස්තීනුවන් මෙම විරෝධතාවයේ නිරතවන්නේ තමන්ට අහිමි කළ භූමියට යළි ඇතුලූවීමට ඉඩ ලබාදෙන ලෙස බල කරමින්.