Politics Sri Lanka

මාධ්‍යවේදියෙකු ඝාතනයට තැත්කරලා – මහින්ද පිලේ මන්ත්‍රී පුත්‍රයා පොලීසිය මගහරියි

මාධ්‍යවේදියෙකු ඝාතනයට තැත්කරලා – මහින්ද පිලේ මන්ත්‍රී පුත්‍රයා පොලීසිය මගහරියි

නයිනමඩම ප්‍රාදේශයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා පෙරේදා (27) රාත්‍රියේ කැබ් රථයකට යට කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි.

නයිනමඩම හණකොටුපළ හන්දියේදී එදින රාත්‍රී 08.00 චන්දන ප්‍රනාන්දු මහතා අයෙකු සමග කතාබහ කරමින් සිටියදී වේගයෙන් කැබ්රථයක් පදවා ගෙන එම ස්ථානයට පැමිණි, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන වයඹ පළාත් සභා මන්ත්‍රී ට්‍රෙවීන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පදික මාරුව අසළ සිටි මාධ්‍යවේදියා යට කරගෙන යාමට නැවත සිය කැබ් රථය පසුපසට ගෙන තිබේ. කෙසේ නමුත් මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා එම ස්ථානයෙන් ඉවතට පැනීම නිසා ඔහුගේ ජීවිතය බේරී ඇත.

අදාළ සිදුවීම වන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි චන්දන මහතාගේ බිරිඳට පළාත් සභා මන්ත්‍රී පුත්‍රයා පරුෂවචනයෙන් තර්ජනය කර තිබේ.

මෙම සැකකරු මීට පෙරත් දුරකථන ඇමතුම් ලබා දෙමින් මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය කටයුතුවලට බාධා වන අන්දමින් හා එයට එරෙහිව තර්ජනය කර ඇති බවත් මුහුණු පොත හරහා චන්දන මහතාගේ ඡායාරූපයක් ගෙන ජීවිත තර්ජන සිදු කර ඇති බවත් පොලීසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් බව වාර්තා වේ.

මෙය චන්දන ප්‍රනාන්දු මහතාගේ මාධ්‍ය කටයුතු නතර නිරීමට සිදු කළ ජීවිත තර්ජනයක් විය හැකි බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වන බවද වාර්තා වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය මහින්ද පිලේ මන්ත්‍රී ට්‍රෙවීන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට පොලීසිට පැමිණ පරීක්ෂණ සඳහා සහාය වන්නැයි දන්වා ඇතත් ඔහු මෙතෙක් පොලීසියට නොපැමිණ පොලීසිය මගහරිමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා