Gossips

මාධ්‍යවේදියෙකු ඝාතනයට, ඉන්දියාවේ පාතාල නායකයෙකුට දිවි ඇති තෙක් සිර දඩුවම්

2011 වසරේදී ඉන්දීය ගවේෂණ මාධ්‍යවේදියෙකු ජ්‍යොතිර්මෝයි දේයි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එරට කුප්‍රකට පාතාල නායකයෙකු වන චෝටා රාජන්ට මුම්බායි අධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා.
මෙම මාධ්‍යවේදියා පාතාල නායකයන් පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනය කරමින් සිටින අතරතුරයි යතුරුපැදි දෙකකින් පැමිණි පාතාල සාමාජිකයන් ඔහු වෙඩි තබා ඝාතනය කළේ.
චෝටා රාජන් ඝාතනය සඳහා පෙළඹවූ බවට චෝදනා එල්ලවූ ජිග්නා වෝරා නැමති මාධ්‍යවේදිනිය මීට පෙර නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
ඝාතනයෙන් පසු පලාගොස් සිටි චෝටා රාජන් ඉන්දුනීසියාවේ බාලි දිවයිනේදී අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කෙරුණේ 2015 වසරේදියි.