Gossips

මාධ්‍යවේදියෙකුගේ නමට ආ හෂීස් තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

ගුවන් තැපෑල ඔස්සේ මෙරටට ස්පාඤ්ඤයෙන් එවා තිබූ හෂීස් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිම මත ලිස්සන පුවරු තොගයක සඟවා අදාළ හෂීස් කිලෝ කිලෝ එකයි ග්‍රෑම් 400 ක ප්‍රමාණය මෙරටට එවා ඇති බවයි රේගු ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
හෂීස් තොගයේ වටිනාකම රුපියල් මිලියන එකහමාරක් පමණ වන අතර, අදාළ පාර්සලය නුගේගොඩ ප්‍රදේශයේ නිදහස් මාධ්‍යවේදියෙකුගේ නමට එවා තිබුණා.
කෙසේ වෙතත් එම පාර්සලය ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී රේගුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට රේගු නිලධාරීන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.