Gossips

මාදූව පාලම පිළිසකර කර දෙන ලෙස ඉල්ලා විරෝධතාවක්

මාදු ගඟේ ප්‍රධාන දුපතක් වන මාදූවට ගමන් කිරීමට ඇති පාලම කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා.
විරෝධතාව අතරතුර දී ගම්වාසීන් සියළු දෙනා පෙත්සමකට ද අත්සන් තැබූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පවුල් 500ක් පමණ ජීවත් වන මෙම දූපතට යාමට ඇති එකම පාලම අබලන් වී තිබීම හේතුවෙන් තමන් වසර ගණනාවක සිට දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.rn