පොළොන්න්නරුව, මාදුරු ඔය – ඉසෙඩ් ඩී ඇලට වැටී සිටි වන අලියෙකු පැය අටක පමණ මෙහෙයුමකින් අනතුරුව ඊයේ (12) සවස ගොඩගෙන අරලගන්විල ගල්තලාව රක්ෂිතයට පලවා හැරීමට වෙහෙරගල සහ මදුරු ඔය වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.
අවුරුදු 30ක් පමණ වන මෙම සත්වයා වීරාන ප්රදේශයෙන් ඇලට වැටි ඇති බවයි වෙහෙරගල වන ජිව නිලධරීන් පැවසුවේ.
කිලෝ මීටර් තුනක් පමණ ඇලේ ගසාගෙන පැමිණ ඇති මෙම වන අලියා මැදගම ප්රදේශයෙන්, යකඩ දම්වැල් සහ ටයර් යොදාගෙන සකසන ලද ආධාරකයක් ඔස්සේ ගොඩට ගැනීමට කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.
වන අලියා ගොඩගැනීමේ මෙහෙයුමට වනජීවී නිලධාරීන් සමඟ යුද හමුදා සහ පොලිස් නිලධාරීන් එක්ව ඇති අතර ඊට ප්රදේශවාසීන්ගේ ද සහය ලැබුණු බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.
ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න / පොළොන්න්නරුව, රොෂාන් තුෂාර