මහියංගනය මාදුරු ඔයේ බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමූ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දීර්ඝ කාලයක සිට මාදුරු ඔයේ වැලි ගොඩදැමීමේ ජාවාරමක් සිදුවන බවට ලැබුනු තොරතුරුවලට අනුවයි පොලිසිය වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ට්‍රැක්ටර් 4 ක් සහ ටිපර් රථ 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
