Gossips

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට

මාදුරුඔය ජාතික වනෝද්‍යානය තුළ නීතිවිරෝධීව සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදුරුඔය – කන්දේගම – අඩවිවන නිලධාරින් අද (17) අලුයම ඝණ කැලෑ ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ගිනි අවි දෙකක් ද සොයා ගෙන තිබෙනවා.
මීට අමතරව, සැකකරුවන් සන්තකයේ තිබී ඝාතනය කළ සතුන්ගේ මස් තොගයක්, වෙඩි බෙහෙත් , ඊයම් බෝල සහ ජීව උණ්ඩ දෙකක් ද සොයා ගත් බවයි වනජිවි නිලධාරින් සදහන් කළේ.