මාඳුරු ඔය ජලාශයේ මෙගාවොට් 100 ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අදාළ කැනඩා සමාගම අතර සහයෝගීතා ගිවිසුමකට ජනාධිපති කාර්යාලයේදී අද අත්සන් තැබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේදී ඊට අත්සන් තැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර 500 කට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිත අතර, එම ප්‍රමාණය ජලාශයේ වපසරියෙන් 4% කටත් අඩු ප්‍රමාණයක් බව සඳහන්.