පුත්තලම – මාදම්පේ ප්‍රධාන මාර්ගයේ සේනානායක විද්‍යාලය අසල මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කතෝලික පියතුමෙකු ස්වර්ගස්ථ වී තිබෙනවා.
පියතුමන්, ගමන් කළ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක වැදී මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
35 හැවිරිදි එම පියතුමන් මාදම්පේ සෙබස්තියන් දේවාස්ථානයේ සහායක මීසම් පාලක ලෙස කටයුතු කර තිබෙනවා.
