හලාවත – මාදම්පේ – මහගම ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් පෙති 68 ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2300 ක් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ට්‍රැමඩෝල් පෙති සහ මත්කුඩු මිලදී ගැනීමට යන මුවාවෙන් ඊයේ සිදුකළ වැටලීමේදී පොලිස් භාරයට පත්වුණේ 19 හැවිරිදි තරුණයෙකු සහ සහ 34 හැවිරිදි කාන්තාවක්.
මොවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, කළක සිට පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සැකකරුවන් විසින් මෙම ජාවාරම සිදුකරන සිදුකර ඇති බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා.
