මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 170 ක් සමග ජෝර්ජ් ප්‍රියන්ත කුමාර හෙවත් කුඩු රජා නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ ළග තබා ගැනීමේ චෝදනාව මත මීට මසකට පමණ පෙරදී අධිකරණයෙන් ඇප ලබා පැමිණි පුද්ගලයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.
27 හැවිරිදි මොහු සුදුවැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සැකකරු පිට පළාත්වලින් මත්කුඩු රැගෙනවිත් පැකට්වල අසුරා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වන බවට අනාවරණය වී තිබෙනවා.
ඡායාරූප – පුත්තලම, ප්‍රියංකර කළුපහන
