Gossips

මාදම්පාගම දී ලංගම බස් රථයකට ගල් ප්‍රහාර – දකුණේ බස් වර්ජකයින්ට රතු එළියක්

දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය නවතා දමන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොවන්නේ නම්, රියදුරු සහ කොන්දොස්තරවරුන්ට නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
කෙටි දුර ධාවන බස් නැවතුම්වල දුරගමන් සේවා බස්රථ නැවැත්විමට ඉඩ ලබා නොදීමට විරෝධය පළකරමින් දකුණු පළාත් දුරගමන් සේවා බස්රථ ඊයේ (25) ආරම්භ කළ මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
වර්ජනය හේතුවෙන් කොළඹට පැමිණෙන මගීන් සහ කාර්යාල වෙත පැමිණෙන පිරිස් ද අපහසුතාවට පත්ව සිටිනවා.
මේ අතර, අම්බලන්ගොඩ – මාදම්පාගම ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ඊයේ (25) රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් බස් රථයේ රියදුරුට තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අද (26) දින සේවයට වාර්තා නොකරන සියලු බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී, හේමචන්ද්‍ර කියා සිටියේ.