මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවරදී ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතමින්.
යුද්ධය පැවති සමයේ මෙන්ම ඉන් පසුවත් යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති ඇතැම් සිදුවීම් පිළිබදව පරීක්ෂණ කටයුතු සිදුවුව ද කිසිසේත්ම රණවිරු දඩයමක් නොවන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරණය කළේ.