Gossips

මාතලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ

මාතලේ – බෝමළුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ ඥාති පිරිසක් අතර ඇතිවූ ආරවුලක් සමථයකට පත් කිරීමට යාමේදී කිසියම් පුද්ගලයෙකු මොහුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.
සිද්ධියෙන් මියගිය පුද්ගලයා 73 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වන අතර, සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.