මාතලේ – වරකාමුල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ කොල්ල කා පළා ගොස් තිබෙනවා.
සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළද පැමිණි ඔවුන් ඉන්ධන හලේ සේවකයින්ට අවි පෙන්වා බිය ගන්වා මෙම කොල්ල කෑම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එහිදී කොල්ලකරුවන් ඉන්ධන හලේ තිබූ රුපියල් 50,000කට වැඩි මුදලක් පැහැරගෙන ගොස් තිබෙනවා.
