Gossips

මාතර හෝටල් කාමරයක පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

මාතර වල්ගම ප්‍රදේශයේ හෝටල් කාමරයක තිබී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඔහු ඊයේ රාත්‍රී 10.30 ට පමණ කාන්තාවක් සමග පැමිණ අදාළ හෝටලයේ කාමරයක් තුල නතර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද උදෑසන හෝටල් හිමිකරු කාමරයේ දොරට තට්ටු කිරීමේ දී කිසිදු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් දොර විවෘත කර කාමරයට ඇතුලුවී තිබෙනවා.
එහිදීයි මෙම පුද්ගලයා මියගොස් සිටින ආකාරය දැක ඇත්තේ.
කෙසේවෙතත් ඔහු සමග පැමිණි කාන්තාව එම අවස්ථාවේ එහි සිට නැහැ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිරුර හඳුනාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මාතර බතූතා පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර තිබෙනවා.
මෙම පුද්ගලයා ලබාගත් කිසියම් ඖෂධයක් හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
මාතර මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ මෙහෙයවනවා.




ඡායාරූප – මාතර අදීෂ ආරියතිලක