දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට කොටසේ ඉදිකිරීම්වල නිරතව සිටි චීන ජාතික කම්කරුවෙකු පසුගිය 12 වැනිදා සිට අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කම්කරුවෙක්.
ඔහු වැඩ බිමේ කිසියම් කෙනෙකු හෝ පිරිසක් සමඟ ආරවුලක් ඇති කරගෙන ඇත්ද යන්න පිළිබඳව මේවන විට විමර්ශන සිදු කරන බවයි පොලිසිය කියා සිටියේ.
තිහගොඩ පොලිසිය අතුරුදන් වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
