Gossips

මාතර සුසාන භූමියේ සිදුවූ ගුටිකෙළිය අන්තිමට නතරවූ තැන

ආදාහනය කිරීමෙන් අනතුරුව මාතර මඩිහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ බෂ්මාවශේෂ ලබාගැනීමට ගිය ඥාතීන් පිරිසක් සහ මාතර සුසාන භූමියේ නගරසභා සේවකයන් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.
පසුගියදා ඇතිවූ මෙම සිදුවීමට අද උදෑසන නගරසභා සේවකයන් පිරිසක් විරෝධතාව පළකලා.
කෙසේ වෙතත් අදාළ පහරදීම සිදුකර බව පැවසෙන තිදෙනෙකු අද මාතර පොලිසිය වෙත භාර වූ අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණා.
අදාල සිදුවීම සම්බන්ධයෙන් ඥාතීන් චෝදනා කරන්නේ එම අවස්ථාවේ තම මියගිය ඥාතියාගේ භෂ්මාවශේෂ ලබාදීමට සේවකයන් මුදල් ඉල්ලූ බවයි.