Gossips

මාතර සිසු ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් තුන් දෙනා ලබන 10 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී කුසුම් විතාරණ හමුවට ඔවුන් ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
අද පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් තුන් දෙනා විසින් දෙවන සහ තුන්වන සැකකරුවන් හඳුනා ගත්තා.
උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී තියුණු ආයුධයකින් පහර දී අදාළ ඝාතනය සිදුකර තිබුණේ පසුගිය මස 24 වනදායි.