Gossips

මාතර සිසු ඝාතනයේ සැකකරුගේ ප්‍රකාශවල පරස්පරයක්

මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා ඊයේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවා.
ඒ, අධිකරණ නියෝග මත සැකකරු භාවිත කළ පිහිය සහ ඇඳුම් බෑගය මෙන්ම ඔහු සැඟව සිටි ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහායි.
සැකකාර ශිෂ්‍යයා ඝාතනය සඳහා යොදාගත් පිහිය නිල්වලා ගෙඟ් – නායිම්බල පාලමෙන් ගඟට විසි කළ බවට ප්‍රථමයෙන් පොලිසියට ප්‍රකාශ කර තිබුණා.
ඒ අනුව ඔහු පළමුවෙන් රැගෙන ආවේ අදාළ ස්ථානයටයි.
ඉන් අනතුරුව එම ශිෂ්‍යයා දින දෙකහමාරක් පමණ කුරුම්බා බොමින් සැඟව සිටි බවට ප්‍රකාශ කර තිබූ කුරුඳු ඉඩමකට රැගෙන ඒමටද කටයුතු කෙරුණා.
එමෙන්ම, පාසල් බෑගය විසි කළ බවට පැවසූ කිරඹආර ප්‍රදේශයටද ශිෂ්‍යයා රැගෙන ඒමට පොලිසිය කටයුතු කර තිබුණා.
අදාළ අවස්ථා තුනේදීම පොලිසියට කළ ප්‍රකාශ සහ එම ස්ථානවලදී කරන ලද ප්‍රකාශවල තිබූ පරස්පරතා හේතුවෙන් පොලිසියට කිසිදු වැදගත් සාක්ෂියක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ.