Gossips

මාතර සිසු ඝාතනයේ තුන් වන සැකකාර ශිෂ්‍යයාත් අද අධිකරණයට

මාතර – ඇලවේල්ල පාර ප්‍රදේශයේ, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තුන්වන සැකකාර ශිෂ්‍යයා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඝාතනයට ලක්වූ පාසල් සිසුවාගේ අවසන් කටයුතු මාතර – නාඉම්බල පිහිටි සිසුවාගේ පවුලේ සුසාන භූමියේදී ඊයේ (27) සිදු කෙරුණා.
ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සිසුවා ලබන මස 03 වන දා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.