Gossips

මාතර සිසු ඝාතනයේ අවසන් සැකකාර සිසුවාත් පොලිසියට භාරවෙයි

මාතර – ඇලවේල්ල පාර, ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවසන් පාසල් සිසුවා ද පොලීසියට භාර වී තිබෙනවා.
ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු මාතර – වල්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සුනුරු විමුක්ති ජයවීර නැමැති පාසල් සිසුවෙක්.
මෙම සිසුවා ඝාතනය සඳහා පැමිණි යතුරුපැදිය පැදවූ තැනැත්තා බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
එමෙන්ම අනෙක් සිසුවා ද ඊයේ පොලීසියට භාර වූ අතර ඔහු රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.