මාතර – ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී සිසුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා ලබන 10 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (03) මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.
