මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධියට අදාල හඳුනාගැනීමේ පෙරට්ටුව හයවන වරටත් අද (20) දින පැවැත්වුණා.
ඒ මාතර මහේස්ත්රාත් අධිකරණයේදීයි.
මෙහිදී හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සිද්ධියේ ප්රධාන සැකකරු වන පාතාල කල්ලි සාමාජික ධර්ම කිර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක, ඔහුගේ සහෝදරයා වන මධුක නිරිමාල් විජේසේකර සහ අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා නමැති සකකරුවන් තිදෙනා ඉදිරිපත් කර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරුවන් තිදෙනාම සාක්ෂිකරුවන් දෙදෙනෙක් විසින් හඳුනාගෙන තිබෙනවා.
සිද්ධියට අදාල නඩුව ලබන 24 වනදා යළි කැඳවීමටයි මාතර අතිරේක මහේස්ත්රාත්වරිය අද (20) නියෝග කළේ.
මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් පසුගිය ජුනි මස 22 වනදා පිරිසක් විසින් කොල්ලකෑ අතර එහිදී කොල්ලකෑමට පැමිණි පිරිස සහ පොලිසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකදී එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඡායාරූප – මාතර, අදීෂ ආරියතිලක
