Gossips

මාතර ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ නාරම්මල මලා හඳුනාගැනීමේ පෙරට්ටුවකට (ඡායාරූප)

මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනර ගතකර සිටින සැකකරුවන් පස්දෙනාගෙන් එක් සැකකරුවෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (10) දින මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණා.
පස්වන වරට පැවැත්වූ මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන් තිදෙනෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුන ද අතුල කිත්සිරි කුමාර නොහොත් නාරම්මල මලා නමැති සකකරු පමණක් අද (10) දින ඉදිරිපත්කර තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කොස්ගොඩ තාරක නැමැති පතාල කල්ලි සමාජිකයා සහ ඔහුගේ සහෝදරයා අද දින හඳුනාගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත්කර නොතිබූ බවයි වාර්තා වන්නේ.
අධිකරණ කටයුත්තක් සඳහා ඔවුන් දෙදෙනා ඊයේ (09) දිනයේදී කොළඹට රැගෙනවිත් තිබීම හේතුවෙන් අද දින මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි බවට අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.
හඳුනා ගැනිමේ පෙරට්ටුව 06 වන වරට ලබන 20 වනදා පැවැත්වීමට අධිකරණය අද (10) නියෝගකර කළ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



ඡායාරූප – මාතර, අදීෂ ආරියතිලක